ESTABLISHMENT UNIT
How to reach Ambalangoda Divisional Secretariat Office?
- .Ambalangoda Divisional Secretariat office is located 150mtrs from the Ambalangoda main bus stand facing Galle Road..
Inquiries about Grama Niladhari Division
No of division |
divsion Name |
68 |
Metiwala |
68 B |
Walakada |
73 |
Meetiyagoda |
73 A |
Diddeliya |
73 B |
Udakerewa |
73 D |
Eranawila |
74 |
Nindana |
74 A |
Lewduwa |
74 B |
Domanwila |
75 |
Batapola West |
75 A |
Batapola East |
75 B |
Batapola Central |
75 C |
Batapola North |
75 D |
Batapola South |
75 E |
Nawagama |
75 F |
Bataduwa |
75 G |
Dorala |
75 H |
Polhunnawa |
75 I |
Kobethuduwa |
75 J |
Thanipolgahalanga |
75 K |
Kondagala |
81 |
Godahena |
81 A |
Thilakapura |
82 |
Maha Ambalangoda |
82 A |
Hirewatta |
83 |
Kariththakanda |
83 A |
Heppumulla |
84 |
Willegoda |
84 A |
Paniyanduwa |
85 |
Patabendimulla |
86 |
Polwatta |
86 A |
Kaluwadumulla |
86 B |
Keraminiya |
86 C |
Poramba |
86 D |
Thalgasgoda |
86 E |
Okanda |
What to do to obtain a Timber Cutting Permit?
දැව හෙළීම සඳහා බලපත්‍ර ලබාගැනීම
- අනතුරුදායක අවස්ථාවක දී, නිවසේ අවශ්‍යතාවයක දී මුදල් අවශ්‍යතාවයක දී උසාවි නියෝගයකදී හෝ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍ර ලබාගත හැකිය.
- රජයේ හෝ පෞද්ගලික ඉඩමක පිහිටි කොස්, රටදෙල් හා ගැහැනු තල්ගස් කැපීම සඳහා අනිවාර්යෙන් ම බලපත්‍ර ලබාගත යුතු ය.
පහත ලියවිලි අවශ්‍ය වේ.
- ප්‍රාදේශීය ලේකම් වෙත ඉල්ලීමේ ලිපිය
- සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රය ( ග්‍රාම නිලධාරී සහතික කරන ලද)
- ඉඩමේ අයිතිය සනාථ කළ හැකි ලියවිලි (ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද)
- නොබෙදූ ඉඩමක් නම් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි ( ග්‍රාම නිලධාරී ඉදිරිපිට කැමැත්ත ප්‍රකාශ කළ යුතු ය)
- සංවර්ධන කාර්යන් සඳහා ගස් ඉවත් කළ යුත වන්නේ නම් ඒ බවට ලිඛිත සාක්ෂි
- අධිකරණ නියෝගයක් වේ නම් එම ලිඛිත නියෝගයේ පිටපතක්
- ඉඩම් පත්තිරු
- ඔබගේ අයඳුම්පත්‍රයේ ගස කැපීමට හේතුව නිවැරදි ව හා පැහැදිලි ව සඳහන් කරන්න.
- ඔබගේ ඉල්ලීම ලිඛිත ව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න.
- ඉහත ලියවිලි ඉදිරිපත් කිරීමෙන් පසු පරිපාලන ග්‍රාම නිලධාරී වෙත අයඳුම්පත ඉදිරිපත් කෙරේ.
- පරිපාලන ග්‍රාම නිලධාරි නිර්දේශය ලැබීමෙන් පසු ප්‍රාදේශිය ලේකම්ගේ අනුමැතියෙන් පසු බලපත්‍රය නිකුත් කරනු ලැබේ.
- දින 14 ක් යනතුරු බලපත්‍රය වලංගු වේ.
මේ සඳහා ඔබගෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන අතර මුද්දර ගැසීම ද අනවශ්‍යය යි.
Should the owner come in when registering business names?
- මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.
What documents should be brought in dealing with the deceased's bank money and mortgaged goods?
- මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
- අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
- වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
- ජාතික හැදුනුම්පත.
What are the documents that should be taken in the transfer of electricity bills?
- විදුලිය ලබා ගැනීමට අදාල ස්ථානයේ අයිතිය සනාථ කරන ඔප්පු
- නිවාස සංවර්ධන අධිකාරියෙන් හෝ නගර සභාවෙන් ඉදිරිපත් කරන ලද අයිතිය තහවුරු කරන ලිපිය
- ජාතික හැදුනුම්පත
SOCIAL SERVICE UNIT
How to get the Nutrition Allowance of Rs. 20,000 / = for pregnant women?
- ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.
Who can get the educational aids?
- දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.
How to register an NGO?
- ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.
Can Samurdhi benefit be renewed?
- දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.
REGISTAR UNIT
How to get Birth or Marriage or Death Certificates?
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
- උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
- මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.
How to register birth?
- සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
- මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.
PENSION UNIT
How to make Widows 'and Orphans' Pension after the death of the Civil Pensioner?
- පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
- වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
- පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
- විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- විවාහ සහතිකයේ මුල් පිටපත
- වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
- වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
- වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
- ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
- ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
- අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.
Why have pensioners stopped their pensions?
- අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
- විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
- පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.
Why don't the heirs pay the pension after the widow dies?
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.
ACCOUNTS BRANCH